Saturday, June 6, 2015

VEGA sri Lanka first electric super car

Sport car කිව්වම අපිට මතක් වෙන්නේ Lamborghini ,Ferrari ,Bugatti  වගේ  කාර්නේ,එත් ඒ වගේ cars වලට නොදෙවෙනි 100% අපේම රටේ නිර්මාණය තාක්ෂණය යොදාගෙන අපේම ඉංජිනේරුවන් අතින් නිර්මාණය වන super car එක තමයි මේ VEGA කියන්නේ.

ඇත්තටම මේක electric sport car එකක්.මේ car එකේ design ,electronics ,software වගේ සියලුම නිෂ්පාදනය කටයුතු සිදු කරන්නේ ලංකාවේ ඉන්න ඉංජිනේරුවෝ ..මෙයාලගේ ඉලක්කේ තමයි  ජාත්‍යන්තරයේ  ලංකාවේ නම තියන්න පුළුවන් car එකක් හදන එක.

මේ car එක ධාවනය වෙන්නේ ඉලෙක්ට්‍රොනික් මෝටර් දෙකකින්,මේ දෙකේ සම්පුර්ණ බලය අශ්වබල 900ටත් වඩා වැඩියි(>900 HP). ඒ වගේම  240KM/H ක  උපරිම වේගයක් මේ වහනයට තියෙනවා(සුපිරි නෙහ්!!). ඒවගේම තමයි 100KM/H වේගයක් ලබාගන්න මේ car එකට ගතවෙන්නේ තත්පර 4 කටත් වඩා අඩු කාලයක්(<4s).

මේ car එකට අවශ්‍ය විදුලි බලය සැපයෙන්නේ 3.3v LITHIUM FERRO-PHOSPHATE CELLS 600 ක් යොදාගෙන.මේ car එකේ  battery packs 12ක් තියෙනවා,එක battery pack එකක cells 50 ගානේ තියෙනවා.ඒවගේම ගෘහස්ථ විදුලි සපයුමකින් මේ  car එක සම්පුර්ණයෙන්  charge කරන්න ගත වෙන්නේ පැය 4 ක කාලයක්,ඒ වගේම ඉදිරියට  Vega කණ්ඩායම විසින් public charging centers හදන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා..මේ battery  එක පාරක් charge කරාහම 240KM  ක් දාවනය කරන්නත් මේ car එකට පුළුවන්.

මේ අව්රුද්දෙ දෙසෙම්බර් මාසේ වෙනකොට මේ car එක එළිදක්වන්න සුදානම්ව ඉන්න බව  VEGA කණ්ඩායම පවසනවා.


වැඩි විස්තර පහල වීඩියෝ වලින් බලන්නකෝ..

අලුත් ලිපි ගැන දැනගන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න..:-)here->TECHPLUS.COM

 හමු වෙමු නැවතත් මෙවැනි ලිපියකින්..මම Eranda dhanushka 

Related Posts:

  • html(hyper text markup language)-01 lesson html(hyper text markup language) ඉතිහාසය  මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ටිම් බර්නර්ස් ලී (Sir. Tim Berners lee) විසින් 1991 දී HTML භාශාව සොයාගැනීමත් සමග වෙබ් සංකල්පය බිහිවිය. html තමයි වැඩි වශයෙන්ම වෙබ් නිර්මාණකරණය … Read More
  • html(hyper text markup language) සිංහලෙන් -04 lesson html 03 පාඩම බැලුවේ නැත්තන් මෙතනින් යන්න වෙබ් පිටුව තුල වගුවක් නිර්මාණය කිරීම. මෙහිදී මූලික වශයෙන් tags කිහිපයක් භාවිත කරයි. 1.   <table>-වගුව ආරම්භ කරයි. 2.   <captio… Read More
  • html(hyper text markup language) සිංහලෙන් -03 lesson html(hyper text markup language) සිංහලෙන් html 02 පාඩම බැලුවේ නැත්තන් මෙතනින් යන්න අධි සම්බන්දතා-Hyperlink වෙබ් අඩවියක් නිර්මාණය වන්නේ වෙබ් පිටු රාශියක් එකතු වීමෙනි.එම වෙබ් පිටු එකතු කිරීම සඳහා hyperlinks … Read More
  • Latest iPhone 7 & iPhone 7 PLUS Released-Apple සමගම apple iPhone7 සහ iPhone7 plus හඳුන්වාදෙයි අලුත්ම apple iPhone7 හා  iPhone7 plus හඳුන්වාදෙයි.. මෙම අලුත් iphone එකෙහි  headphone jack එකක් නැති බවට තමයි වාර්තා වන්නේ.ඉතින් ඒ නිසා charger port එකටම headphone එක සවි කර ගැනීමට මෙයාල පොඩි converter එකක් ල… Read More
  • C++ පරිගණක භාෂාව සිංහලෙන් pdf එකක් ලෙසින් C++ පරිගණක භාෂාව සිංහලෙන් c++ පරිගණක භාෂාව පිළිබඳව ඔබ මීට පෙර අසා ඇති යැයි සිතනවා.ඉතින් මේ පරිගණක භාෂාව පිළිබඳව  ලියවුන pdf එකක් තමයි ලබා දෙන්න යන්නේ,පහතින් බාගත කරන්න.. … Read More

0 comments:

Post a Comment

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...