Friday, April 15, 2016

C++ පරිගණක භාෂාව සිංහලෙන් pdf එකක් ලෙසින්

C++ පරිගණක භාෂාව සිංහලෙන්



c++ පරිගණක භාෂාව පිළිබඳව ඔබ මීට පෙර අසා ඇති යැයි සිතනවා.ඉතින් මේ පරිගණක භාෂාව පිළිබඳව 
ලියවුන pdf එකක් තමයි ලබා දෙන්න යන්නේ,පහතින් බාගත කරන්න..


Wednesday, April 13, 2016

html(hyper text markup language)-01 lesson

html(hyper text markup language)


ඉතිහාසය 
මෘදුකාංග ඉංජිනේරුවරයෙකු වන ටිම් බර්නර්ස් ලී (Sir. Tim Berners lee) විසින් 1991 දී HTML භාශාව සොයාගැනීමත් සමග වෙබ් සංකල්පය බිහිවිය.

html තමයි වැඩි වශයෙන්ම වෙබ් නිර්මාණකරණය සඳහා භාවිත වන භාෂාව.භාෂාව කිවුවට මේක programming language එකක් නෙවෙයි.html සහ css වලින් උසස් පෙළ තොරතුරු තාක්ෂණය පිළිබඳව ප්‍රශ්නයක් අනිවාර්යෙන් අපිට තියෙනවා.

html code ලියන්න අපිට විවිධ text editors භාවිත කරන්න පුළුවන්,ඔයාලට මේ සඳහා ලේසියෙන්ම පරිගණකයේ   notpad එක යොදා ගන්න පුළුවන්,මම නම් මේ වැඩේට notepad++ software එක පාවිච්චි කරන්නේ.notepad++ software එක ඕනෙනම් මෙතනින් බාගන්න.


වෙබ් පිටුවක් හෝ පරිගණකයක භාවිතාවන කුමන වර්‍ගයේ ගොනුවකට වුවද එක්ස්ටෙන්ෂන්  එකක් පවති. අදාල ගොනුව භාවිතාවන මෘදුකාංගය හදුනා ගැනීමට මෙය ඉතා වැදගත්ය.ගොනුවක් නම් කිරීමේදී පළමුව නමද දෙවනුව එක්ස්ටෙන්ෂනයත් (Extension) ලබාදෙයි. උදා:-File name. Extension (Index.html) වෙබ් පිටුවකටද එක්ස්ටෙන්ෂන් පවතියි. වෙබ් පිටුවක එක්ස්ටෙන්ෂන් තීරනය වන්නේ එම වෙබ් පිටුව නිර්මාණය කරනු ලබන භාෂාව මතය. (.php  .html  .xml .js .asp)
මෙහිදී අපි සකස් කරගත් html file එක තමන් කැමති නමකින් save කර ගත හැකිය.නමුත් extension එක  විදිහට අනිවාර්යෙන් .html ලෙස ලබා දී save කල යුතුය.

html(hyper text markup language)

html වල මූලික සැකැස්ම පහත ආකාරයෙන් පෙන්වා දිය හැක. 


<html>
<head>
 <title> project </title>
</head>
<body>
THIS IS MY FIRST WEB PAGE
</body>
</html>



මාතෘකාවක් යෙදීම

වෙබ් පිටුවක මාතෘකාවල අකුරු ප්‍රමාණය මූලික ලෙස ආකාර 6ක් ඇත.මේ සදහා <h1>සිට<h6>දක්වා ඇති ටැග්ස් භාවිතා කල හැකිය. මෙය තේරුම් ගන්නට පහත කේත වෙත අවදානය යොමු කරමු.

<h1>Dharmapala collage Bandarawela.</h1>

<h2> Dharmapala collage Bandarawela.</</h2>

<h3> Dharmapala collage Bandarawela.</</h3>

<h4> Dharmapala collage Bandarawela.</</h4>

<h5> Dharmapala collage Bandarawela.</</h5>

<h6> Dharmapala collage Bandarawela </h6>





.









වෙබ් පිටුවේ ඡේද හා අකුරු භාවිත කරන ආකාරය

මේ සදහා <p> නම් ටැග් එක භාවිතා වේ.
<p>My Name Is Erand Dhanushka.</p>


<p>ටැග් එක භාවිතයේදී විශේෂයෙන් පේළි වෙන්කර ගන්නට අවශ්‍ය නම් එම ස්ථානයන්ට <br>ටැග් එක යොදනු ලැබේ.මම ටැග් එක අවසන් කළ යුතු නැති ටැග් එකකි.
උදා:-<p>sri lanka<br>cricket</p>




අකුරු සදහා text formatting යොදා ගැනීම.


  •              අකුරු බෝල්ඩ් කිරීම.
 <b>My Name Is Erand Dhanushka.</b>
 

  •                අකුරු ඇල(italic) කිරීම.
 <i>My Name Is Erand Dhanushka.</i>
 

  •       අකුරු යටින් ඉරක් ඇදීම (underline).
<u>My Name Is Erand Dhanushka.</u>
 

  •        අකුරු හයිලයිට්(highlight) කිරීම.
 <mark>My Name Is Erand Dhanushka.</mark>
 

  •       අකුරු තනි ඉරකින් කපා දැමීම.


    <del>My Name Is Eranda Dhanushka.</del>



html දෙවැනි කොටස බලාපොරොත්තු වන්න..