Wednesday, September 7, 2016
Latest iPhone 7 & iPhone 7 PLUS Released-Apple සමගම apple iPhone7 සහ iPhone7 plus හඳුන්වාදෙයි
අලුත්ම apple iPhone7 හා  iPhone7 plus හඳුන්වාදෙයි..
මෙම අලුත් iphone එකෙහි  headphone jack එකක් නැති බවට තමයි වාර්තා වන්නේ.ඉතින් ඒ නිසා charger port එකටම headphone එක සවි කර ගැනීමට මෙයාල පොඩි converter එකක් ලබා දෙනවලු..
ඒ වගේම iphone7 plus පිටුපස dual camera සමගින් පැමිණ ඇත.මේ අලුත් iphone එකත් සමග මෙයාල  iwatch 2 කියන සුපිරි watch එකත් එළිදක්වලා තියෙනවා.
iwatch 2
ඒ වගේම iphone එක වගේම iwatch එකත් water & Dust resistant .අපි phone එකක බලන තවත් හොඳ අංගයක් තමයි sound quality එක ඉතින් අලුත් iphone එකත් එක්ක surround sound,sound system එකක් මෙයාල හඳුන්වාදීල තියෙනවා.
iphone 7 සමගින් මෙයාල EarPods කියන wireless headphone එකක් හදුන්වල දීල තියෙනවා..
EarPods
Click here to see full Technical Specifications of iPhone 7
බලන්න හඳුන්වාදීමේ වීඩියෝව
Saturday, August 27, 2016
html(hyper text markup language) සිංහලෙන් -04 lesson
html 03 පාඩම බැලුවේ නැත්තන් මෙතනින් යන්න
වෙබ් පිටුව තුල වගුවක් නිර්මාණය කිරීම.
මෙහිදී මූලික වශයෙන් tags කිහිපයක් භාවිත කරයි.
1.
-වගුව ආරම්භ කරයි.
2.   <caption>-අවශ්‍ය නම් වගුවට මාතෘකාවක් ලබා දීම.
3.
-වගුවේ අන්තර්ගතය සහිත කොටස ආරම්භ කිරීම.
4.
- table row මඟින් වගුවේ පේළියක් ආරම්භ කිරීම.
5.
- table header මඟින් වගුවේ ව්සිරස් තීරුවක් ආරම්භ කිරීම.( මාතෘකා)
6.
- table data මඟින් මාතෘකාවන්ට අදාළ විස්තර ඇතුළු කරයි.
Ex:-
<caption>marks</caption>
name
sft
et
ict
lahiru
75
70
73
chamod
65
60
65
වගුවක Cell Merging කිරීම.
01. Column දෙකක් Merge කිරීම
a&b
c
d
e
f
colspan නැමති Attribute  එක මගින් ඒක් වියයුතු Column ගණන තීරණය කරයි.
02. Row දෙකක් Merge කිරීම
a&d
b
c
e
f
HTML Forms සහ Input
HTML forms භාවිතා කරනුයේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලබන තොරතුරු
server එකට pass කිරීමටය.
සහ
tag තුල සටහන් කරයි
Form එකක් තුල input යන element එක දැකිය හැක.
First name:
Last name:
Input Types
ඉහත දක්වා ඇති නමින්
ඇති input tag එකෙහි ඇති type නම් attribute එකෙහි අගය
වෙනුවට පහත දී ඇති attributes යොදා බලන්න..
Text - සටහන් කරන දැ වෙබ් පරිශීලකයාට දර්ශනය වේ.
Password - සටහන් කරන දැ වෙබ් පරිශීලකයාට දර්ශනය නොවන අතර ඒ
වෙනුවෙන් අදුරු කල රවුම් පෙන්නුම් කරයි.
Button - බොත්තමක් පෙන්නුම් කරයි.
Image - පිංතුර දර්ශනය කරවීමට යොදා ගනී.
Radio - පරිශීලකයාට තේරීමක් කිරීම සදහා යොදයි.
Checkbox - පරිශීලකයාගෙ බහුවරණයන් සදහා යොදා ගනී.
Hidden - පරිශීලකයාට නොදැනුවත්වම සටහන් කරන දැ ලබා ගැනීමට.
Submit - මෙය බොත්තමක් ආකාරයෙන් පෙන්නුම් කරන අතර
මෙය click කිරීමෙන් සටහන් කල දත්ත server එකට pass කරනු ලබයි.
Reset - මෙය බොත්තමක් ආකාරයෙන් පෙන්නුම් කරන අතර
මෙය click කිරීමෙන් සටහන් කල දත්ත සියල්ල මැකී යයි.
Textarea
<textarea> යන tag එක තුල සටහන් කරනු ලබන අතර පරිෂීලකයගෙන් යම් විස්තරයක් ලබා ගැනීම සදහා යොදා ගනී.
<textarea name="description" rows="10" cols="50" ></textarea>
HTML Frames
වෙබ් අතිරික්සුව කොටස් වලට වෙන්කිරීමකට මෙම ටැග් එක යොදා ගනී.මෙසේ
වෙන් කරන සෑම කොටසක්ම,වෙනමම වෙබ් පිටුවක් ලෙස ප්‍රධාන වෙබ් පිටුව තුළ
පෙන්වයි. Frame එකක් යෙදීමේදී <frameset> හා <frame> යන tags භාවිත
කරයි.
<frameset cols="30%,*">
<frame
name=”menu” src="menu.html"/>
<frame name=”content” src="content.html"/>
</frameset>
Monday, May 30, 2016
html(hyper text markup language) සිංහලෙන් -03 lesson
html(hyper text markup language) සිංහලෙන්
html 02 පාඩම බැලුවේ නැත්තන් මෙතනින් යන්න
අධි සම්බන්දතා-Hyperlink
වෙබ් අඩවියක් නිර්මාණය වන්නේ වෙබ් පිටු රාශියක් එකතු වීමෙනි.එම වෙබ් පිටු එකතු කිරීම සඳහා hyperlinks යොදා ගනී.ඒ අනුව මෙහිදී සිදු වන්නේ එක් පිටුවක් තුල තවත් පිටු වෙත පිවිසුම් සැකසීමයි.එම පිවිසුම මත ක්ලික් කිරීමෙන් ඊට සම්බන්ධිත  පිටු වෙත පිවිසිය හැක.
මේ සඳහා  නම් tag එකත් path එක දැක්වීමට href නම් attribute එකත් යොදා ගනු ලැබේ.
අන්තර්ජාලයේ ඇති වෙබ් ලිපිනයකට hyperlink සැකසීම.
GOOGLE
පින්තුරුයක් සඳහා අධි සම්බන්දයක්(hyperlink)යොදන ආකාරය.
අකුරු සඳහා link ලබා දෙන ආකාරයට සමාන අයුරින් රූප සඳහා ඩ link යෙදිය හැක.වෙබ් පිටු තුල අලංකාර බටන්(button) ආදිය ඇත්තේ රූප ලිංක් ලෙසය.එහිදී ග්‍රැෆික් මෘදුකාංගයක් මඟින් අදාළ බටන් එක නිර්මාණය කර එය ලිංක් එකක් සේ වෙබ් පිටුවේ භාවිතා කරයි.
Comment
කමෙන්ට් එකක් යනු,වැඩසටහන තුල ඇති නමුත් ක්‍රියාත්මක නොවන අකුරු පේලියකි.එක් එක් කේත පිලිබඳ සටහන් කර තැබීමට මේවා වැඩි වශයෙන් භාවිතා කරයි.තවද අවශ්‍ය විට කේත තාවකාලිකව අක්‍රිය කර තැබීමට ද කමෙන්ට් යොදා ගනී. comment භාවිත කරන ආකාරය පිළිබදව පහත කේත වෙත අවදානය යොමු කරමු.
වෙන් කර ඇති අක්ෂර.
ඇතැම් සංකේත html භාෂාව සඳහා වෙන් කර ඇත.ඒ නිසා ඒවා කේත ලිවීමේදී ඍජුවම ලියා භාවිතා කල නොහැක.උදාහරණයක් ලෙස කුඩා හා විශාල ලකුණු අතර යමක් ලියා දැක්විය යුතු යැයි සිතමු.එහෙත් එය කේත තුල ලියා වෙබ් අතිරික්සුව තුළින් බැලූ විට පෙනෙන්නේ නැත.මෙවැනි සංකේත පිටුවකට ඇතුළු කරීමට පහත වගුවේ අක්ෂර භාවිත කළ යුතුය.
වෙබ් පිටුවේ තිරස් අතට රෙඛාවක් නිර්මාණය කිරීම.
මෙහිදී මුලිනම් යොදා ඇති
යන්න මඟින් වෙබ් අතිරික්සුවේ සම්පුර්ණ පළලම භාවිතා කරමින් රේඛාවක් අඳිනු ලැබේ.
ඉහත දෙවැනි කේතයේ ඇති width=”50%”යන attribute එක මඟින් යොදනු ලබන රේඛාවේ පළල තීරණය කරයි.එහිදී පිටුවේ පළලින් 50% ක් ලෙස සකසා  ඇත.  එහි size ලෙස දක්වා ඇත්තේ රේඛාවේ ඝනකමයි.
වෙබ් පිටුව තුල වීඩියෝ(video)ධාවනය කිරීම
වෙබ් පිටුව තුල ඕඩියෝ(audio) ධාවනය කිරීම
<audio controls>
</audio>
video සහ audio tag වල controls නමින් attribute එකක් දමන්නේ web browser  එක තුල video සහ audio පෙන්වන විට පරිශීලකයා හට පාලක බොත්තම් (control buttons)පෙන්වීමටයි.
html 4 වන කොටසින් හමු වෙමු..
Eranda Dhanushka