Monday, June 8, 2015

ඉංජිනේරු තාක්ෂණවේදය -(Engineering Technology) - 01 lesson


ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම

මිනිස් වර්ගයාගේ අරම්භයේ සිට වර්ථමානය තෙක් සිදුවී ඇති එමෙන්ම අනාගතයේ සිදුවිය හැකි සංවර්ධනයන් කිසිවක් අහඹු සිදුවීම් නොවේ.

ඒවා කලින් කලට මිනිස් වුවමනා හා අවශ්‍යතා පුළුල් වීමත් සමග ඒවා සම්බන්ධයෙන් මතුවන්නාවූ ගැටළු විසදා ගැනීම සඳහා විටෙක ක්‍රමවත්වූත් තවත් විටෙක අක්‍රමවත් වූත් ක්‍රයාවලින් මගින් නෙලාගත් ඵලයන් වේ.

ඒ අනුව තාක්ෂණවේදය හදුනා ගැනීමත් එහි විකාශය ඔස්සසේ ඇකිය හැකි සංවර්ධන අවධි , ඊට පසුබිම් වූ සාධක , මිනිසා හා පරිසරය කෙරෙහි ඇති කරන්නාවූ බලපෑම් හා ප්‍රවනතා පිළිබදව ගවේශණයට අදාල අඩිතාලම ලබා ගැනීමේ ප්‍රවේශය පිළිබඳව මෙහිදී අධ්‍යනය කෙරේ.


ගැටළුව සඳහා විසඳුම් ලබාදී‍මේ දී ගැටළුව අධ්‍යනය නොකොට අපරික්ෂාකාරීව විසඳුම් ලබාදෙන අවස්ථා බහුලව දක්නට ලැබේ. එහි දී උපදින විසඳුම් බොහෝ විට අනුචිත වේ. විසඳුම වඩාත් උචිත වීම සඳහා,
  1. ගැටළුව හඳුනාගත යුතු වේ.
  2. ගැටළුව ඇතිවීමට හේතුව හඳුනාගත යුතු වේ.
  3. විසඳුම් ස්වභාවය තීරණය කළ යුතු වේ.
  4. විවිධ විසඳුම් යෝජනා ඉදිරිපත් කළ යුතු වේ.
  5. තෝරාගත් නිරීක්ෂකයක් මත උචිත විසඳුම් තෝරා ගත යුතු වේ.

මෙම ක්‍රියාපිළිවල නැවත නැවත අනුගමනය කිරීමෙන් විසඳුම සංවර්ධනය කළ හැකි ය. ඉහත 
ආකාරයට මානව යහපත මුල් කරගනිමින් ගැටළු විසඳීමේ ක්‍රියාවලිය තාක්ෂණවේදය ලෙස හැඳින්වේ. මෙම කරුණු ඉදිරිපත් කරමින් තාක්ෂණවේදයට විවිධ අර්ථ කථන ඉදිරිපත් කළ හැක. විවිධ තාක්ෂණවේදී ක්‍රියාවලි දක්නට ලැබේ. ඒ අතරින් ඉංජිනේරු තාක්ෂණය වූ කලී සමස්ථ සංවර්ධනයේ පදනම ලෙස දැක්විය හැක. විද්‍යාත්මක මූලධර්ම හා ගණිත දැනුම උපයෝගී කරගනිමින් යාන්ත්‍රික, ඉදිකිරීම් හා ඉලෙක්ට්‍රෝනික පද්ධති සැලසුම් කිරීම, ඉදිකිරීම හා නඩත්තු කිරීම ඉංජිනේරු යන්නෙන් ගම්‍ය වේ. ඒ අනුව, පවත්නා හෝ මතුවිය හැකි තාත්වික ගැටළු වලට මානව යහපත සැලසෙන විසඳුම් ලබා දීමේ ඉංජිනේරු ශිල්ප ක්‍රමය ඉංජිනේරු තාක්ෂණය ලෙස හැඳින්විය හැක. 


තාක්ෂණය අහඹුලෙස සිදුවූවක් නොව එය කාලයත් සමග ගැටළුවලට විසදුම් සෙවීම මත ඇතිවූ නිර්මාණාත්මක දේ මත පදනම්ව ඇත.තාක්ෂණික දියුණුව හේතු කොටගෙන දියුණු කරන ලද උපකරණ හා සේවා විශාල ලෙස පෙන්වා දිය හැකිය.ඉන් කිහිපයක් විමසා බලමු.
  1.          මිනිසා පියාසර කිරීමට ගත් උත්සාහයන්.
  2.          ඔරලොසුවේ විකාශය
  3.          පිහියේ පරිනාමය
  4.          පරිගණකය
  5.          ජංගම දුරකථනය
  6.         දත්ත ගබඩා කිරීම
  7.          ඩිජිටල් පරිනාමය
  8.          මුදල් පරිනාමය


 එවන් පරිණාමනය වූ උපාංග කිහිපයක් පහත දක්වා ඇත


ජංගම දුරකථන(mobile phones)
ඔරලෝසුව (clock)

පරිගණකය(computer)


තාක්‍ෂණය අධ්‍යාපනය සදහා බලපෑ ආකාරය පහල වීඩියෝවේන් පැහැදිලි වේ
.. 
ඉංජිනේරු තාක්ෂණය දෙවන පාඩමට මෙතනින් යන්න.
අලුත් ලිපි ගැන දැනගන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න..:-)here-->TECHPLUS.COM

supun hasaranga (max) and eranda dhanushka

Related Posts:

  • ඔබේ පරිගණකය slow වෙලාද? Advanced System Care 8.2 පරිගණකය slow ද? registry අවුල්ද? junk file පිරිලාද?  මේ ප්‍රශ්ණවලට විසදුම් දෙන තනි free software එකක් අද මං ඔයාලට ගෙනාවා එක තමයි Advanced System Care 8.2 මේ software එකේ විශේෂාංග ගණනාවක් තියෙනවා · &n… Read More
  • airplane technologies An airplane or aeroplane (informally plane) is a powered, fixed-wing aircraft that is propelled forward by thrust from a jet engine orpropeller. Airplanes come in a… Read More
  • CPU MADE A central processing unit (CPU) is the electronic circuitry within a computer that carries out the instructions of a computer program by performing the basic arithmetic, logi… Read More
  • Robot technology Robotics is the branch of mechanical engineering, electrical engineering and computer science that deals with the design, construction, operation, and application of robots,[1] as well… Read More
  • adobe after effects Adobe After Effects is primarily used as a software for video editors, to create motion graphics and also visual effects. It allows users to animate, edit, and compose media be it 2D or 3D space with many different built-in … Read More

0 comments:

Post a Comment

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...