Friday, June 19, 2015

තාක්ෂණවේදය සදහා විද්‍යාව-science for technology 01 lesson ( part 1)

      

ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වාභාවය( part 1)






ක්ෂුද්‍ර ජීවින්

පියවි ඇසෙන් නිරීක්ෂණය නොකළ හැකි ජීවින් ක්ෂුද්‍ර ජීවින් වේ.  ක්ෂුද්‍ර ජීවින්ගේ දේහයේ තරම 0.1mm ට වඩා කුඩා වන අතර පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැක්කේ 0.1mm ට වඩා වැඩි ජීවින්ය.එම නිසා ඔවුන් නිරීක්ෂණය කළ හැක්කේ ආලෝක අන්වීක්ෂය හෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් පමණය.සමහර ක්ෂුද්‍ර ජීවින් ඒක සෛලික වන අතර .සමහර ක්ෂුද්‍ර ජීවින් බහු සෛලිකවේ.

ක්ෂුද්‍ර ජීවින්ගේ පරිසරය

වෙනත් ජීවින් දක්නට ලැබෙන සෑම තැනකම ක්ෂුද්‍ර ජීවින් දක්නට ලැබේ.

  1.  පස          
  2. වාතය          
  3. ජලය   
  4.  ශාක හා සතුන්ගේ දේහ මත   


එමෙන්ම වෙනත් ජීවින් දක්නට නොලැබෙන ආන්තික පරිසරවල ක්ෂුද්‍ර ජීවින් දක්නට ලැබේ.

  1. ගිණිකදු      
  2. උණුදිය උල්පත්     
  3.    කාන්තාර  
  4.  වගුරුබිම්       


      ප්‍රධාන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය

ස්වභාවික පරිසරයේ ප්‍රධාන ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ 3ක් හදුනාගත හැකි අතර මීට අමතරව සමහර ඇල්ගී හා ප්‍රෝටසෝවන් වැනි ජීවි කාණ්ඩය ද ක්ෂුද්‍ර ජීවින්ට අයත්වේ.

  •  බැක්ටීරියා     
  •   දිලිර         
  •  වෛරස්           





ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය

අනෙකුත් ජිවින්ගේ පැවැත්මට පෝෂණය අවශ්‍ය බැවින් ක්ෂුද්‍ර ජීවින්ගේ පැවැත්ම සදහා ද ද්‍රව්‍ය සහ ශක්තිය අවශයවේ. ක්ෂුද්‍ර ජීවින් ඔව්න්ගේ පෝෂණය සදහා යොදා ගන්නා ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය අනුව පෝෂණ ක්‍රම 4 කි.

  •  ප්‍රභාස්වයං පෝෂක      
  •  ප්‍රභාවිෂම පෝෂක     
  • රසායනික විෂම පෝෂක      
  • රසායනික ස්වයං පෝෂක     


             ප්‍රභාස්වයං පෝෂක

ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය ද,කාබන් ප්‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ්(co2) භාවිත කරයි.ප්‍රභාසංස්ලේෂණය කළ හැකි සමහර බැක්ටීරියා මීට අයත්වේ.
  • දම් සල්ෆර් බැක්ටීරියා      
  • කොළ සල්ෆර් බැක්ටීරියා              
        ප්‍රභාවිෂම පෝෂක 


ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය ද,කාබන් ප්‍රභවය ලෙස කාබන් භාවිත කරයි.

    • දම් සල්ෆර් නොවන බැක්ටීරියා
     




           රසායනික ස්වයං පෝෂක

ශක්ති ප්‍රභවය ලෙස අකාබනික රසායන ද්‍රවය ද,කාබන් ප්‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ්(co2) භාවිත කරයි.අකාබනික ද්‍රවය ලෙස නයිට්රේට(no3) හා නයිට්රයිට(no2) අඩංගු සංයෝගවේ. මේවැනි බැක්ටීරියා නයිට්‍රිකාරි බැක්ටීරියා ලෙස හදුන්වමු.

            රසායනික විෂම පෝෂක

ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය ලෙස කාබන් භාවිත කරයි.මේවා වෙනත් ජීවින් නිපදවූ කාබනික සංයෝගවේ.



    ක්ෂුද්‍ර ජීවින්ගේ  ශ්වසනය


ක්ෂුද්‍ර ජීවින් ඔවුන්ගේ සෛලීය ක්‍රියාකාරකම් සදහා ශක්තිය ලබා ගන්නේ කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමෙනි. ශ්වසනය සදහා ඔක්සිජන් භාවිතා කරන ආකාරය අනුව ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ 4කි

  1. ස්වායු (ශ්වසනය සදහා o2 භාවිතා කරයි)   
  2. නිර්වායු (ශ්වසනය සදහා o2 භාවිතා නොකරයි)   
  3. වෛකල්පිත නිර්වායු  (ශ්වසනය සදහාo2 ඇතිවිට මෙන්ම o2 නැතිවිට දී ද ශ්වසනය කරයි)   



පෝෂණය ක්‍රමය
ශක්ති ප්‍රභවය
කාබන් ප්‍රභවය
උදාහරණ ජීවින්
 ප්‍රභාස්වයං පෝෂක
 ආලෝක ශක්තිය
 Co2
 දම් සල්ෆර් බැක්ටීරියා
 කොළ සල්ෆර් බැක්ටීරියා
 ප්‍රභාවිෂම පෝෂක
 ආලෝක ශක්තිය
 කාබනික කාබන්
 දම් සල්ෆර් නොවන     බැක්ටීරියා
 රසායනික ස්වයං පෝෂක
 අකාබනික රසායනය
 Co2
 nitrosomonas
 nitrobacter
 රසායනික විෂම පෝෂක
 කාබනික ද්‍රවය
 කාබනික ද්‍රවය
  බොහෝ බැක්ටීරියා හා දිලීර

අලුත් ලිපි ගැන දැනගන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න..:-)-->TECHPLUS.COM
supun hasaranga(max)

Related Posts:

  • තොරතුරැ තාක්ෂණය( Information technology)-01 lesson තොරතුරැ පද්ධති සංවර්ධනආකෘති සහ ක්‍රමවේද  ප්‍රධාන වශයෙන් තොරතුරැ පද්ධති ආකෘති 4ක් පිළිබඳව හඳුනාගන්න පුලුවන්. 1. දියඇලි ආකෘතිය 2. සර්පිල ආකෘතිය 3. ඒකී - කෘත ආකෘතිය 4. ශීඝ්‍ර යෙදවුම් සංවර්ධ… Read More
  • open world computer games මොනවද මේ open world computer games කියන්නේ? Open World පරිගණක ක්‍රිඩා යනු ක්‍රිඩකයාට නිදහසේ සැරිසැරීමට හැකි අතිවිශාල ක්‍රිඩා වපසරියක් සහිත ක්‍රිඩාවන්ය.  මෙහි ක්‍රිඩා වපසරිය බොහෝ විට සැබෑ පරිසරය මෙන්ම දිවා රෑ ඇ… Read More
  • සුපිරි HD wallpapers සෙට් දෙකක් මෙන්න බාගන්නහැමෝම කැමත්යිනේ තමන්ගේ computer එකේ desktop එක ලස්සනට තියෙනවට ඒ හින්දම අපි අද දෙන්නේ අපිත් පාවිච්චි කරන ලස්සන wallpapers සෙට් එකක්..එහෙනම් වඩි කතා නැතුව බාගන්න.  car hd screenshots Car HD Wallpapers පහලින්  බා… Read More
  • නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද? දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර… Read More
  • ඉංජිනේරු තාක්ෂණවේදය(Engineering Technology) - 03 lessonදෙපහර එන්ජිම(two stroke engine) වර්ෂ 1878 දී ඩුගල්ඩ් ක්ලාක්(Dugald Clerk) විසින් නිර්මාණය කරන ලද විශේෂ දහන සිලින්ඩරයක් සහිත එන්ජිම, දෙපහර එන්ජිමෙහි සොයා ගැනීමට මුල් වූ බව කිව හැකියි. දෙපහර එන්ජිම යනු..? &n… Read More

4 comments:

  1. ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය කරුණු සදහා පිවිසෙන්න www.aselabtech.blogspot.com

    ReplyDelete

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...