Sunday, June 21, 2015

DFX Audio Enhancer with Crack-පරිගණකයේ Sound Quality වැඩි කරමු..

DFX Audio Enhancer with Crack

හැමෝම වගේ සිංදු අහනවා ඒ වගේම Film බලනවා.ඉතින් ඔය වැඩ දෙකම කර ගන්නේ අපේ දුප්පත් පරිගණකන්නේ..එත් ඉතින් පරිගණකයේ සබ්වුෆර් එකක් හරි හෝම්ටියර්ටර් එකක් වගේ Sounds Quality එකක් නැනේ..මේ ලිපියෙන් පැහැදිළි කරන්නේ Sound Quality එක වැඩි කරන්න පුළුවන් Software එකක් ගැනයි. මේ Software එකේ නම තමයි DFX Audio Enhancer..වැඩි කතා නැතුව Software එක ගැන කියන්නම්කො..
පහල වීඩියෝවෙන් මේ software එක ගැන වැඩි විස්ස්තර බලන්න..

ඇත්තටම මේ Software එක නිකන් එහෙම දෙන එකක් නෙවෙයි..මේකේ Free Version එක නම් බා ගන්න පුළුවන්.හැබැයි,වැඩ කිඩ අඩුයි..Free Software ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැනේ ඉතින්..මේකේ Free Version එකේ තියෙන අවාසි ටිකක් නෙවෙයි ගොඩක් තියෙනවා..කොටින්ම කියනවනම් මේකේ Free Version එකේ Minimize කරන්නවත් බැහැ,ඒ වගේම 3D Surround වැඩ නැහැ.

ගොඩක් අය අගේ කර කර දෙන්නේ නම් මේකේ Free එකම තමයි..එත් අපි එහෙම නැහැ..එහෙනම් අරන් බලන්න..

download crack

කොහොමද crack කරන්නේ?
  1.  DFX Audio Enhancer software එක install කරන්න. ( software  එක install උනාට පස්සේ open කරන්න එපා. Taskbar එකෙනුත් close කරලා දාන්න.)
  2. දැන් crack.exe කියන එක open කරලා patch කියන එක click කරන්න.
  3. ඊළඟට ඔයාලා  software  එක install කරපු ෆෝල්ඩරයෙන් DFX.exe කියන එක තියෙන හොයලා open කරන්න. (C:\Program Files\DFX)
  4. දැන් ක්‍රැක් එක close කරලා DFX Audio Enhancer open කරලා බලන්න.
 like us on facebook

Eranda dhanushka

Saturday, June 20, 2015

open world computer games

මොනවද මේ open world computer games කියන්නේ?

Open World පරිගණක ක්‍රිඩා යනු ක්‍රිඩකයාට නිදහසේ සැරිසැරීමට හැකි අතිවිශාල ක්‍රිඩා වපසරියක් සහිත ක්‍රිඩාවන්ය.  මෙහි ක්‍රිඩා වපසරිය බොහෝ විට සැබෑ පරිසරය මෙන්ම දිවා රෑ ඇතිවීම, ජනතාව ගැවසීම හා අහඹු ලෙස ක්‍රියා කිරීම දක්නට ලැබේ.

ලොව Open World ක්‍රිඩා අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ Rock star සමාගමේ Grand Theft Auto හෙවත් GTA ක්‍රිඩා මාලාවයි.

  •  මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ ලොව ප්‍රමුඛ පෙළෙහි Open World පරිගණක ක්‍රිඩා පිළිබඳවයි.

Grand Theft Auto (GTA)
Grand Theft Auto 


 2001 දි නිකුත් වූ GTA 3 (Grand Theft Auto III)  පරිගණක ක්‍රිඩාව Rock star සමාගමේ නිර්මාණයක් වූ අතර  ප්‍රථම Open World ක්‍රිඩාව වූ අතර මෙහි නවතම සංස්කරණය වන GTA V ක්‍රිඩාව මෙම වසරේ මාර්තු මාසයේදී PC සඳහා වෙළෙඳපොළට නිකුත් වුnaa.

Assassin’s Creed ක්‍රිඩා මාලාව


UbiSoft සමාගම මගින් නිකුත් කළ Assassin’s Creed ක්‍රිඩා මාලාව පසුගිය වකවානුව තුළ ඉතා වේගයෙන් ජන ප්‍රසාදය දිනාගත් ක්‍රිඩා මාලාවකි. ප්‍රධාන කථා මාලාවට අයත් ප්‍රධාන ක්‍රිඩා 8 ක් මේ වනවිට නිපදවා ඇති අතර 2015 අග භාගයේදී නිකුත් කිරීමට නමවැනි Assassin’s Creed ක්‍රිඩාවද සූදානම්කෙරෙන බව 
නිෂ්පාදකයන් පවසති.
Just Cause 1 හා 2,3



Avelance Studies, Edios Interactive හා Square Enix සමාගම් මගින් නිෂ්පාදිත Just Cause ක්‍රිඩාව තරමක් වෙනස් open world ක්‍රිඩාවක් වන්නේ එහි ක්‍රිඩකයා සතු පැරශුටය හා ඇමුණුම් කොක්ක (Graphling huck) මගින් ඉතා සුවිශේෂී දස්කම් හා භයානක ක්‍රියාදාමයන් සිදුකළ හැකි නිසාය.





Far Cry 2, 3 හා 4






එකිනෙකට ස්වාධීන වූ කථාන්දර 3 ක් සහිත පරිගණක ක්‍රිඩා ත්‍රිත්වයක් වන Far Cry 2, 3 හා 4 ඉතා විශාල මෙන්ම තාත්ත්වික ක්‍රිඩා වපසරියක් සහිත ක්‍රිඩාවක්ය. මේවායෙහි පිළිවෙලින් අප්‍රිකානු පරිසරයෙන්, නිවර්ථන දිවයිනක වපසරියක් හා හිමාල කඳුකර පරිසරයක ක්‍රිඩකයාට හැසිරීමට ඉඩ ලබාදී ඇත.

Sleeping Dogs


Hong Kong හි අපරාධ කල්ලි මැඩලීමට අපරාධකරුවෙකු ලෙස වෙස් වලාගෙන නගරයේ අපරාධ රැල්ලට එක්වන පොලිස් නිළධාරියෙකුගේ කථාවක් ඉදිරිපත් කරන Sleeping Dogs ක්‍රිඩාවේ ක්‍රිඩකයාගේ සුනම්‍ය චලනයක් හා ආකර්ශණීය සටන් කලාව මෙන්ම අගනා කථාන්දරයද බොහෝ දෙනාගේ සිත් බැඳ ගැනීමට සමත් වී ඇත.

Batman : Arkham City



කළු හැඳි සුපිරි විරුවාගේ වික්‍රමයන් ගැන කියවෙන Batman Arkham City ක්‍රිඩාව තුළ Batman හෝ cat women ගේ නොකියවුණු කථාවක් කියැවෙයි. තම පියාපත් සහිත ඇඳුම හා අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් Batman හට නගරයේ ඕනෑම කොටසක් වෙන පියඹා යාමට හැකි අතර, ක්‍රිඩාව ආරම්භයේ සිටම සුවිශල් නගරය ඔහුට සම්පූර්ණයෙන් නිදහසේ සැරිසැරීමට හැකි ලෙස සකසා ඇත. මෙම ක්‍රිඩාවේ Batman ගේ අධි තාක්ෂණික රථය වන Bat mobile අඩංගු නොවුණද, 2015 ජුනි මස නිකුත් වන මෙහි මීළඟ කොටස වන Batman : Arkham City ක්‍රිඩාවේ සුවිසල් විවෘත ලොව තුළ සැරිසැරීමට එයද ඇතුළත් කෙරෙනු ඇත.

තවත් මේ වැනි ලිපියකින් හමුවෙමු අදට මං ගියා....................

supun hasaranga(max)

තාක්ෂණවේදය සදහා විද්‍යාව-science for technology 01 lesson( part 2)

ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වාභාවය( part 2)

පළමු කොටසට මෙතනින් යන්න.

බැක්ටීරියා-Bacteria


දර්ශීය බැක්ටීරියාවකගේ ව්‍යුහය


1.   පිලයි
2.   ප්ලැස්මිඩ
ප්‍රතිජීවක ආදියට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරීම වැනි නොනැසී පැවතීමට ආධාර කිරීම.
3.   රයිබොසෝම (70s)
ප්‍රෝටීන සංස්ලේෂණය
4.   සෛල ප්ලාස්මය
5.   ප්ලාස්ම පටලය
6.   සෛල බිත්තිය
7.   ප්‍රාවරය
8.   නියුක්ලොයිඩය (චක්‍රීය DNA)
ආවේණික ලක්ෂණ තැම්පත් කර ගැනීම. ඒවා ඉදිරි පරම්පරාවට ගෙනයාම.
9.   කෂිකාව
චලනයට දායක වීම




  1. පෘතුවියේ වඩාත් බහුල ජීවින් කාණ්ඩයයි. 
  2. ප්‍රාග්න්‍යෂ්ටීක සෛල සංවිධානයක් දරයි.
  3. ඒක සෛලික හෝ ඝනාවාස ලෙස දක්නට ලැබේ.
  4. සචල හෝ අචල විය හැක.
  5. පෘතුවියේ ප්‍රධාන වියෝජක කාණ්ඩය වේ.
  6. මිනිසාට වැළදෙන රෝග බොහොමයක රෝග කාරක ජීවින් වේ.


සෛලවල හැඩය අනුව ප්‍රධාන අකාර 3 කි.


  • ගෝලාකාර (coccus)
  • සිලින්ඩාකාර (bacillus)
  • දණ්ඩාකාර (bacillus)
  • සර්පිලාකාර (spirillum)


බැක්ටීරියා මගින් මිනිසාට ඇති කරන රෝග


  1. ගලපටල
  2. නියුමෝනියාව
  3. ක්ෂරෝගය
  4. කොළරාව
  5. පිටගැස්ම
  6. ගොනෝරියාව



දිලීර(fungi)


  1. කාබනික ද්‍රවය බහුල ස්ථානවල ජීවත්වේ.
  2. සූන්‍යෂ්ටීක සෛල සංවිධානයක් දරයි.
  3. පටලමය ඉන්ද්‍රයිකා ඇත.(අන්ත‍‌ඃපලාස්මිය ජාලිකා,ගෝල්ජි දේහ)
  4. සංචිත අහාරය ග්ලයිකෝජන් ය.
  5. සෛල බිත්තිය කයිටින් නැමැති පොලිසැකරයිඩයෙන් සෑදී ඇත.
  6. බොහෝ දිලීර මෘතෝපජීවින් ය.(එනම් මියගිය ශාක සහා සත්ත්ව කොටස් වියෝජනය කර පෝෂණය ලබාගනී.)


වෛරස්(viruses)


  1. සෛලීය වියුහයක් හෝ සෛලීය සංවිධානයක් ඇත .
  2. වෛරස් අන්ශුවක් තුල ප්‍රවේණි ද්‍රව්‍ය ලෙස DNA හෝ RNA පවතී.
  3.  වෛරසයක තරම 20nm-300nm පමණවේ.(බැක්ටීරියා සෛලයක තරමින් 1/50 වේ.)
  4. ප්‍රජනනය සිදු වන්නේ වෙනත් ජීවි සෛල පමණි.


වෛරස්වල මූලික හැඩ අකාර 3 කි.
  1. helical (හෙලික්සාකාර)
  2. polyhedral
  3. complex (සංකීර්ණ)


වෛරස් මගින් ඇතිකරන අසාදන රෝග
  1. සරම්ප
  2. කම්මුල්ගාය
  3. වසුරිය
  4. පැපොල
  5. ඩෙංගු
  6. ඓඩ්ස්
  7. පෝලියෝ



ක්ෂුද්‍ර ජීවින්ගේ වැදගත්කම
  1. පරිසරයේ වියෝජකයන් ලෙස.
  2. ප්‍රථමික නිෂ්පාදන ලෙස.
  3. ආහාර ලෙස.
  4. විවිධ කර්මාන්තමය නිෂ්පාදන ලබා ගැනීම.
අලුත් ලිපි ගැන දැනගන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න..:-)-->TECHPLUS.COM

supun hasaranga(max)

Friday, June 19, 2015

තාක්ෂණවේදය සදහා විද්‍යාව-science for technology 01 lesson ( part 1)

      

ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වාභාවය( part 1)






ක්ෂුද්‍ර ජීවින්

පියවි ඇසෙන් නිරීක්ෂණය නොකළ හැකි ජීවින් ක්ෂුද්‍ර ජීවින් වේ.  ක්ෂුද්‍ර ජීවින්ගේ දේහයේ තරම 0.1mm ට වඩා කුඩා වන අතර පියවි ඇසෙන් නිරීක්ෂණය කළ හැක්කේ 0.1mm ට වඩා වැඩි ජීවින්ය.එම නිසා ඔවුන් නිරීක්ෂණය කළ හැක්කේ ආලෝක අන්වීක්ෂය හෝ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයකින් පමණය.සමහර ක්ෂුද්‍ර ජීවින් ඒක සෛලික වන අතර .සමහර ක්ෂුද්‍ර ජීවින් බහු සෛලිකවේ.

ක්ෂුද්‍ර ජීවින්ගේ පරිසරය

වෙනත් ජීවින් දක්නට ලැබෙන සෑම තැනකම ක්ෂුද්‍ර ජීවින් දක්නට ලැබේ.

  1.  පස          
  2. වාතය          
  3. ජලය   
  4.  ශාක හා සතුන්ගේ දේහ මත   


එමෙන්ම වෙනත් ජීවින් දක්නට නොලැබෙන ආන්තික පරිසරවල ක්ෂුද්‍ර ජීවින් දක්නට ලැබේ.

  1. ගිණිකදු      
  2. උණුදිය උල්පත්     
  3.    කාන්තාර  
  4.  වගුරුබිම්       


      ප්‍රධාන ක්ෂුද්‍ර ජීවී කාණ්ඩය

ස්වභාවික පරිසරයේ ප්‍රධාන ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ 3ක් හදුනාගත හැකි අතර මීට අමතරව සමහර ඇල්ගී හා ප්‍රෝටසෝවන් වැනි ජීවි කාණ්ඩය ද ක්ෂුද්‍ර ජීවින්ට අයත්වේ.

  •  බැක්ටීරියා     
  •   දිලිර         
  •  වෛරස්           





ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය

අනෙකුත් ජිවින්ගේ පැවැත්මට පෝෂණය අවශ්‍ය බැවින් ක්ෂුද්‍ර ජීවින්ගේ පැවැත්ම සදහා ද ද්‍රව්‍ය සහ ශක්තිය අවශයවේ. ක්ෂුද්‍ර ජීවින් ඔව්න්ගේ පෝෂණය සදහා යොදා ගන්නා ශක්ති ප්‍රභවය සහ කාබන් ප්‍රභවය අනුව පෝෂණ ක්‍රම 4 කි.

  •  ප්‍රභාස්වයං පෝෂක      
  •  ප්‍රභාවිෂම පෝෂක     
  • රසායනික විෂම පෝෂක      
  • රසායනික ස්වයං පෝෂක     


             ප්‍රභාස්වයං පෝෂක

ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය ද,කාබන් ප්‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ්(co2) භාවිත කරයි.ප්‍රභාසංස්ලේෂණය කළ හැකි සමහර බැක්ටීරියා මීට අයත්වේ.
  • දම් සල්ෆර් බැක්ටීරියා      
  • කොළ සල්ෆර් බැක්ටීරියා              
        ප්‍රභාවිෂම පෝෂක 


ශක්ති ප්‍රභවය ලෙස ආලෝකය ද,කාබන් ප්‍රභවය ලෙස කාබන් භාවිත කරයි.

    • දම් සල්ෆර් නොවන බැක්ටීරියා
     




           රසායනික ස්වයං පෝෂක

ශක්ති ප්‍රභවය ලෙස අකාබනික රසායන ද්‍රවය ද,කාබන් ප්‍රභවය ලෙස කාබන්ඩයොක්සයිඩ්(co2) භාවිත කරයි.අකාබනික ද්‍රවය ලෙස නයිට්රේට(no3) හා නයිට්රයිට(no2) අඩංගු සංයෝගවේ. මේවැනි බැක්ටීරියා නයිට්‍රිකාරි බැක්ටීරියා ලෙස හදුන්වමු.

            රසායනික විෂම පෝෂක

ශක්ති ප්‍රභවය හා කාබන් ප්‍රභවය ලෙස කාබන් භාවිත කරයි.මේවා වෙනත් ජීවින් නිපදවූ කාබනික සංයෝගවේ.



    ක්ෂුද්‍ර ජීවින්ගේ  ශ්වසනය


ක්ෂුද්‍ර ජීවින් ඔවුන්ගේ සෛලීය ක්‍රියාකාරකම් සදහා ශක්තිය ලබා ගන්නේ කාබනික සංයෝග ඔක්සිහරණය කිරීමෙනි. ශ්වසනය සදහා ඔක්සිජන් භාවිතා කරන ආකාරය අනුව ක්ෂුද්‍ර ජීවි කාණ්ඩ 4කි

  1. ස්වායු (ශ්වසනය සදහා o2 භාවිතා කරයි)   
  2. නිර්වායු (ශ්වසනය සදහා o2 භාවිතා නොකරයි)   
  3. වෛකල්පිත නිර්වායු  (ශ්වසනය සදහාo2 ඇතිවිට මෙන්ම o2 නැතිවිට දී ද ශ්වසනය කරයි)   



පෝෂණය ක්‍රමය
ශක්ති ප්‍රභවය
කාබන් ප්‍රභවය
උදාහරණ ජීවින්
 ප්‍රභාස්වයං පෝෂක
 ආලෝක ශක්තිය
 Co2
 දම් සල්ෆර් බැක්ටීරියා
 කොළ සල්ෆර් බැක්ටීරියා
 ප්‍රභාවිෂම පෝෂක
 ආලෝක ශක්තිය
 කාබනික කාබන්
 දම් සල්ෆර් නොවන     බැක්ටීරියා
 රසායනික ස්වයං පෝෂක
 අකාබනික රසායනය
 Co2
 nitrosomonas
 nitrobacter
 රසායනික විෂම පෝෂක
 කාබනික ද්‍රවය
 කාබනික ද්‍රවය
  බොහෝ බැක්ටීරියා හා දිලීර

අලුත් ලිපි ගැන දැනගන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න..:-)-->TECHPLUS.COM
supun hasaranga(max)

Saturday, June 13, 2015

ඉංජිනේරු තාක්ෂණවේදය(Engineering Technology) - 02 lesson


සිව්පහර එන්ජිම සහ එහි ක්‍රියාකාරිත්වය(four stroke engines work)
සිව්පහර එන්ජිමේ ඉතිහාසය(history of the 4-stroke engine)

සිව්පහර  එන්ජිම මුල් වරට නිපදවනු ලැබුවේ නිකලස් ඕගස්ට් ඔටෝ (Nikolaus August Otto) විසිනි. ඒ වර්ෂ1876 මැයි මස 9 වැනි දිනයි.ඔහුට උපහාරයක් ලෙස මෙම සිව් පහර චක්‍රයේ එන්ජිම ඔටොචක්‍ර (Otto Cycle) එන්ජිම ලෙසත් හඳුන්වනවා.තාක්‍ෂණය කොතරම් දියුණු උවද අදටත් මේම මූලික ක්‍රියාකාරිත්වය නොවෙනස්ව අදටත් භාවිත කෙරේ.

Nikolaus August Otto

එන්ජිම ක්‍රියාතමක වන්නේ ඉන්ධන දහනය කර එහි ඇති රසායනික ශක්තිය චාලක ශක්තිය බවට පරිවර්තනයක කිරීමෙනි.එන්ජිමක මෙම ක්‍රියාකාරිත්වය පහරවල් හතරකින් සමන්ව්ත වේ. ඒවානම්,

1.චූෂණ පහර (Intake Stroke)
2.සම්පීඩන පහර (Compression Stroke)
3.බල පහර (Power Stroke)
4.පිටාර පහර (Exhaust Stroke)

චූෂණ පහර (Intake Stroke)
මෙම පහරේ දී පිස්ටනය TDC(Top Dead Centre)  සිට BDC(Bottom Dead Centre) දක්වා ගමන් කරයි.චුෂණ  කපාටය(Inlet valve) විවෘත ව පවතින අතර පිටාර කපාටය(Exhaust valve) වැසී පවතී.පිස්ටනය පහලට ගමන්කරන විට  දහන කුටීරයේ පරිමාව ක්‍රමයෙන් වැඩි වන නිසා සිලින්ඩරය තුළ වායුගෝලීය පීඩනය පිටත වායුගෝලයේ පීඩනයට වඩා අඩු වේ(රික්තයක්).මේනිසා චුෂණ කවුළුවෙන් ඉන්ධන-වායු මිශ්‍රණය සිලින්ඩරය තුළට ඇදගනී. යටි සීමාවට (BDC වෙත) පැමිණි විට සිලින්ඩරය සම්පුර්ණයෙන්ම  ඉන්ධන-වායු මිශ්‍රණයෙන් පිරී පවතී.මෙය චුෂණ පහර නම් වේ.මෙම පහර අවසානයේදී දගර කද වට ½ ක් එනම් අංශක 180ක් කරකවී ඇත.  


සම්පීඩන පහර(Compression Stroke)
චූෂණ පහර අවසන් වූ පසු සම්පීඩන පහර ආරම්භ වේ.මෙම පහරෙදී පිස්ටනය BDC සිට  TDC දක්වා ගමන් කරයි.චුෂණ හා පිටාර කපාට දෙකම වැසී පවතී.මෙම පහරෙදී සිලින්ඩරය තුල පරිමාව අඩු වන අතර පීඩනය වැඩි වේ,මෙලෙස සිලින්ඩරය තුළ ඇති වායු මිශ්‍රණයේ පීඩනය වැඩි කරමින්(සම්පීඩනය කරමින්)පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කිරීම සම්පීඩන පහර නම් වේ.මෙම පහර අවසානයේදී දගර කද වට 1 ක් එනම් අංශක 360ක් කරකවී ඇත.



බල පහර(Power Stroke)
සම්පීඩන පහර අවසන් වූ පසු බල පහර ආරම්භ වේ. මෙම පහරෙදී පිස්ටනය TDC සිට  BDC දක්වා ගමන් කරයි. මෙම පහරෙදීද  චුෂණ හා පිටාර කපාට දෙකම වැසී පවතී.මෙම පහර අතරතුර සිලින්ඩරය තුළ ඉන්ධන දහනය වේ.මෙහිදී උපදින තාපය සිලින්ඩරය තුළ ඇති වායු මිශ්‍රණය ප්‍රසාරණය වී,පිස්ටනය BDC දක්වා තල්ලු කරයි.මෙම පහරෙදී නිපදවන ජවය සම්බන්දක දඩු(Connecting rods) හරහා දගර කද(Crank shaft) වෙත සම්ප්‍රේෂණය වේ.මෙසේ ඉන්ධන දහනයෙන් නිදහස් වන ශක්තිය දගර කද වෙත සම්ප්‍රේෂණය කරමින් TDC සිට BDC දක්වා සිදු වන පිස්ටනයේ චලිතය බල පහර නම් වේ.මෙම බල පහරෙදී නිපදවන ජවය ජව රෝදය(Fly wheel)මගින් රදවා ගෙන, නැවත බල පහරක් ලැබෙන තෙක් එන්ජිම චලිත කෙරෙයි.   
මෙම පහර අවසානයේදී දගර කද වට ක් එනම් අංශක 540ක් කරකවී ඇත.



පිටාර පහර(Exhaust Stroke)
බල පහර අවසන් වූ පසු පිටාර පහර ආරම්භ වේ. මෙම පහරෙදී පිස්ටනය BDC සිට  TDC දක්වා ගමන් කරයි.මෙම පහරෙදී පිටාර කවුළුව(Exhaust valve)  විවෘතව ඇති අතර චූෂණ කවුළුව(Inlet valve)  වැසී පවතී.පිස්ටනය BDC සිට  TDC දක්වා ගමන් කිරීමේදී දහනය වූ ඉන්ධන-වායු මිශ්‍රණය පිටාර කපාටය හරහා ඉන්ජිම් සිලින්ඩරයෙන් ඉවතට තල්ලු කර බාහිර පරිසරය වෙත මුදා හැරී.මෙසේ දහනය වූ ඉන්ධන-වායු මිශ්‍රණය එන්ජිම් සිලින්ඩරයෙන්  ඉවත් කරමින් පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කිරීම පිටාර පහර නම් වේ.
මෙම පහර අවසානයේදී දගර කද වට 2 ක් එනම් අංශක 720ක් කරකවී ඇත.



පහර
පිස්ටනය ගමන් කරනුයේ
චූෂණ කපාටය
පිටාර කපාටය
1.චූෂණ පහර (Intake Stroke)
 TDC සිට  BDC දක්වා
ඇරී ඇත.
වැසී ඇත.
2.සම්පීඩන පහර (Compression Stroke)
 BDC සිට TDC දක්වා
වැසී ඇත.
වැසී ඇත.
3.බල පහර (Power Stroke)
 TDC සිට  BDC දක්වා
වැසී ඇත.
වැසී ඇත.
4.පිටාර පහර (Exhaust Stroke)

 BDC සිට TDC දක්වා
වැසී ඇත.
ඇරී ඇත.


  




අලුත් ලිපි ගැන දැනගන්න අපේ facebook page එකට like එකක් දාලම යන්න..:-)-->TECHPLUS.COM
Eranda dhanushka and Supun hasaranga