Friday, July 10, 2015

නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද?


දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර්යයක් සඳහා තම සිත යොමුකරගෙන සිටින විට එය මනාලෙස මොළය මගින් නියමිත ස්ථානයේ තැන්පත් කරන බවයි. එම ප්‍රදේශය හයිපොකැම්පස් ලෙස හඳුන්වයි. ඒ කලාපය මොළයේ දත්ත සංවිධානාත්මක ලෙස වර්ග කර ගබඩාකර ගන්නා කලාපයයි. එමෙන් ම එ් කලාපය මතකය නැවත ස්මරණය කිරීමට ද උපකාරී වේ.
කෙසේ හෝ පාඩම් කරන අතරතුර වරින් වර ස්මාර්ට් ෆෝන් භාවිතය, පරිගණක ක්‍රියා කිරීම හා රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවල නිරතවන විට පාඩම් කටයුතු මොළයේ ගබඩා වන්නේ නියමිත ස්ථානයේ නොවේ. ඒවා ගබඩා වන්නේ මොළයේ සැලසුම් කිරීම සහ අභිප්‍රේරණය කිරීම යන ක්‍රියවාන්ට සම්බන්ධ ස්ථානයේ නොවන බැවින් ඒ තොරතුරු නැවත ස්මරණය කිරීම අපහසුය.
මෙලෙස එක් කාර්යයක නිරත නොවී විටින් විට වෙනස් වෙනස් වූ කාර්යයන් සඳහා සිය අවධානය යොමුකරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ මෙන් ඩොපමේන් නමැති හෝමෝනය නිකුත්වේ. මේ හේතුවෙන් එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයකුගේ සිතේ ඇතිවන අදහස් වලට සමාන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
මෙයින් සිදුවන්නේ පුද්ගලය දැනුම හා ඥාණාත්මකබවට හානි පැමිණීමයි. මේ සොයා ගැනීම තම දරුවන් පාඩම් කරන කාලයේ දී රූපවාහිනිය නරඹන දෙමාපියන්ට ඒ ගැන යළි යළිත් සිතා බැලීමට සුදුසු කාලය එළැඹ ඇතැයි ද පර්යේෂකයෝ කියති.
මුලාශ්‍රය-www.lankadeepa.lk

Related Posts:

  • airplane technologies An airplane or aeroplane (informally plane) is a powered, fixed-wing aircraft that is propelled forward by thrust from a jet engine orpropeller. Airplanes come in a… Read More
  • Robot technology Robotics is the branch of mechanical engineering, electrical engineering and computer science that deals with the design, construction, operation, and application of robots,[1] as well… Read More
  • ඉංජිනේරු තාක්ෂණවේදය -(Engineering Technology) - 01 lesson ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම මිනිස් වර්ගයාගේ අරම්භයේ සිට වර්ථමානය තෙක් සිදුවී ඇති එමෙන්ම අනාගතයේ සිදුවිය හැකි සංවර්ධනයන් කිසිවක් අහඹු සිදුවීම් නොවේ. ඒවා කලින් කලට මිනිස් වුවමනා හා අවශ්‍යතා පුළුල් වීමත් සමග ඒවා ස… Read More
  • ඔබේ පරිගණකය slow වෙලාද? Advanced System Care 8.2 පරිගණකය slow ද? registry අවුල්ද? junk file පිරිලාද?  මේ ප්‍රශ්ණවලට විසදුම් දෙන තනි free software එකක් අද මං ඔයාලට ගෙනාවා එක තමයි Advanced System Care 8.2 මේ software එකේ විශේෂාංග ගණනාවක් තියෙනවා · &n… Read More
  • adobe after effects Adobe After Effects is primarily used as a software for video editors, to create motion graphics and also visual effects. It allows users to animate, edit, and compose media be it 2D or 3D space with many different built-in … Read More

2 comments:

  1. නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද? ~ Techplus.Com >>>>> Download Now

    >>>>> Download Full

    නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද? ~ Techplus.Com >>>>> Download LINK

    >>>>> Download Now

    නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද? ~ Techplus.Com >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...