Saturday, June 20, 2015

open world computer games

මොනවද මේ open world computer games කියන්නේ?

Open World පරිගණක ක්‍රිඩා යනු ක්‍රිඩකයාට නිදහසේ සැරිසැරීමට හැකි අතිවිශාල ක්‍රිඩා වපසරියක් සහිත ක්‍රිඩාවන්ය.  මෙහි ක්‍රිඩා වපසරිය බොහෝ විට සැබෑ පරිසරය මෙන්ම දිවා රෑ ඇතිවීම, ජනතාව ගැවසීම හා අහඹු ලෙස ක්‍රියා කිරීම දක්නට ලැබේ.

ලොව Open World ක්‍රිඩා අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ Rock star සමාගමේ Grand Theft Auto හෙවත් GTA ක්‍රිඩා මාලාවයි.

  •  මෙවර අප ඔබ වෙත ගෙන එන්නේ ලොව ප්‍රමුඛ පෙළෙහි Open World පරිගණක ක්‍රිඩා පිළිබඳවයි.

Grand Theft Auto (GTA)
Grand Theft Auto 


 2001 දි නිකුත් වූ GTA 3 (Grand Theft Auto III)  පරිගණක ක්‍රිඩාව Rock star සමාගමේ නිර්මාණයක් වූ අතර  ප්‍රථම Open World ක්‍රිඩාව වූ අතර මෙහි නවතම සංස්කරණය වන GTA V ක්‍රිඩාව මෙම වසරේ මාර්තු මාසයේදී PC සඳහා වෙළෙඳපොළට නිකුත් වුnaa.

Assassin’s Creed ක්‍රිඩා මාලාව


UbiSoft සමාගම මගින් නිකුත් කළ Assassin’s Creed ක්‍රිඩා මාලාව පසුගිය වකවානුව තුළ ඉතා වේගයෙන් ජන ප්‍රසාදය දිනාගත් ක්‍රිඩා මාලාවකි. ප්‍රධාන කථා මාලාවට අයත් ප්‍රධාන ක්‍රිඩා 8 ක් මේ වනවිට නිපදවා ඇති අතර 2015 අග භාගයේදී නිකුත් කිරීමට නමවැනි Assassin’s Creed ක්‍රිඩාවද සූදානම්කෙරෙන බව 
නිෂ්පාදකයන් පවසති.
Just Cause 1 හා 2,3



Avelance Studies, Edios Interactive හා Square Enix සමාගම් මගින් නිෂ්පාදිත Just Cause ක්‍රිඩාව තරමක් වෙනස් open world ක්‍රිඩාවක් වන්නේ එහි ක්‍රිඩකයා සතු පැරශුටය හා ඇමුණුම් කොක්ක (Graphling huck) මගින් ඉතා සුවිශේෂී දස්කම් හා භයානක ක්‍රියාදාමයන් සිදුකළ හැකි නිසාය.





Far Cry 2, 3 හා 4






එකිනෙකට ස්වාධීන වූ කථාන්දර 3 ක් සහිත පරිගණක ක්‍රිඩා ත්‍රිත්වයක් වන Far Cry 2, 3 හා 4 ඉතා විශාල මෙන්ම තාත්ත්වික ක්‍රිඩා වපසරියක් සහිත ක්‍රිඩාවක්ය. මේවායෙහි පිළිවෙලින් අප්‍රිකානු පරිසරයෙන්, නිවර්ථන දිවයිනක වපසරියක් හා හිමාල කඳුකර පරිසරයක ක්‍රිඩකයාට හැසිරීමට ඉඩ ලබාදී ඇත.

Sleeping Dogs


Hong Kong හි අපරාධ කල්ලි මැඩලීමට අපරාධකරුවෙකු ලෙස වෙස් වලාගෙන නගරයේ අපරාධ රැල්ලට එක්වන පොලිස් නිළධාරියෙකුගේ කථාවක් ඉදිරිපත් කරන Sleeping Dogs ක්‍රිඩාවේ ක්‍රිඩකයාගේ සුනම්‍ය චලනයක් හා ආකර්ශණීය සටන් කලාව මෙන්ම අගනා කථාන්දරයද බොහෝ දෙනාගේ සිත් බැඳ ගැනීමට සමත් වී ඇත.

Batman : Arkham City



කළු හැඳි සුපිරි විරුවාගේ වික්‍රමයන් ගැන කියවෙන Batman Arkham City ක්‍රිඩාව තුළ Batman හෝ cat women ගේ නොකියවුණු කථාවක් කියැවෙයි. තම පියාපත් සහිත ඇඳුම හා අධි තාක්ෂණික උපකරණ භාවිතා කරමින් Batman හට නගරයේ ඕනෑම කොටසක් වෙන පියඹා යාමට හැකි අතර, ක්‍රිඩාව ආරම්භයේ සිටම සුවිශල් නගරය ඔහුට සම්පූර්ණයෙන් නිදහසේ සැරිසැරීමට හැකි ලෙස සකසා ඇත. මෙම ක්‍රිඩාවේ Batman ගේ අධි තාක්ෂණික රථය වන Bat mobile අඩංගු නොවුණද, 2015 ජුනි මස නිකුත් වන මෙහි මීළඟ කොටස වන Batman : Arkham City ක්‍රිඩාවේ සුවිසල් විවෘත ලොව තුළ සැරිසැරීමට එයද ඇතුළත් කෙරෙනු ඇත.

තවත් මේ වැනි ලිපියකින් හමුවෙමු අදට මං ගියා....................

supun hasaranga(max)

Related Posts:

  • airplane technologies An airplane or aeroplane (informally plane) is a powered, fixed-wing aircraft that is propelled forward by thrust from a jet engine orpropeller. Airplanes come in a… Read More
  • තාක්ෂණවේදය සදහා විද්‍යාව-science for technology 01 lesson ( part 1)        ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වාභාවය( part 1) ක්ෂුද්‍ර ජීවින් පියවි ඇසෙන් නිරීක්ෂණය නොකළ හැකි ජීවින් ක්ෂුද්‍ර ජීවින් වේ.  ක්ෂුද්‍ර ජීවින්ගේ දේහයේ තරම 0.1mm ට වඩා කුඩා වන අතර පියවි… Read More
  • ඔබේ පරිගණකය slow වෙලාද? Advanced System Care 8.2 පරිගණකය slow ද? registry අවුල්ද? junk file පිරිලාද?  මේ ප්‍රශ්ණවලට විසදුම් දෙන තනි free software එකක් අද මං ඔයාලට ගෙනාවා එක තමයි Advanced System Care 8.2 මේ software එකේ විශේෂාංග ගණනාවක් තියෙනවා · &n… Read More
  • ඉංජිනේරු තාක්ෂණවේදය -(Engineering Technology) - 01 lesson ඉංජිනේරු තාක්ෂණවේදය හැදින්වීම මිනිස් වර්ගයාගේ අරම්භයේ සිට වර්ථමානය තෙක් සිදුවී ඇති එමෙන්ම අනාගතයේ සිදුවිය හැකි සංවර්ධනයන් කිසිවක් අහඹු සිදුවීම් නොවේ. ඒවා කලින් කලට මිනිස් වුවමනා හා අවශ්‍යතා පුළුල් වීමත් සමග ඒවා ස… Read More
  • Robot technology Robotics is the branch of mechanical engineering, electrical engineering and computer science that deals with the design, construction, operation, and application of robots,[1] as well… Read More

1 comment:

  1. Open World Computer Games ~ Techplus.Com >>>>> Download Now

    >>>>> Download Full

    Open World Computer Games ~ Techplus.Com >>>>> Download LINK

    >>>>> Download Now

    Open World Computer Games ~ Techplus.Com >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...