Monday, May 30, 2016

html(hyper text markup language) සිංහලෙන් -03 lesson


html(hyper text markup language) සිංහලෙන්

html 02 පාඩම බැලුවේ නැත්තන් මෙතනින් යන්න

අධි සම්බන්දතා-Hyperlink

වෙබ් අඩවියක් නිර්මාණය වන්නේ වෙබ් පිටු රාශියක් එකතු වීමෙනි.එම වෙබ් පිටු එකතු කිරීම සඳහා hyperlinks යොදා ගනී.ඒ අනුව මෙහිදී සිදු වන්නේ එක් පිටුවක් තුල තවත් පිටු වෙත පිවිසුම් සැකසීමයි.එම පිවිසුම මත ක්ලික් කිරීමෙන් ඊට සම්බන්ධිත  පිටු වෙත පිවිසිය හැක.

මේ සඳහා <a> නම් tag එකත් path එක දැක්වීමට href නම් attribute එකත් යොදා ගනු ලැබේ.


අන්තර්ජාලයේ ඇති වෙබ් ලිපිනයකට hyperlink සැකසීම.

<a href=http://www.google.lk>GOOGLE</a>

පින්තුරුයක් සඳහා අධි සම්බන්දයක්(hyperlink)යොදන ආකාරය.

අකුරු සඳහා link ලබා දෙන ආකාරයට සමාන අයුරින් රූප සඳහා ඩ link යෙදිය හැක.වෙබ් පිටු තුල අලංකාර බටන්(button) ආදිය ඇත්තේ රූප ලිංක් ලෙසය.එහිදී ග්‍රැෆික් මෘදුකාංගයක් මඟින් අදාළ බටන් එක නිර්මාණය කර එය ලිංක් එකක් සේ වෙබ් පිටුවේ භාවිතා කරයි.

<a href=”www.facebook.html”><img src=”fb_button.jpg”></a>


Comment
කමෙන්ට් එකක් යනු,වැඩසටහන තුල ඇති නමුත් ක්‍රියාත්මක නොවන අකුරු පේලියකි.එක් එක් කේත පිලිබඳ සටහන් කර තැබීමට මේවා වැඩි වශයෙන් භාවිතා කරයි.තවද අවශ්‍ය විට කේත තාවකාලිකව අක්‍රිය කර තැබීමට ද කමෙන්ට් යොදා ගනී. comment භාවිත කරන ආකාරය පිළිබදව පහත කේත වෙත අවදානය යොමු කරමු.

<!--This is a comment--> 












වෙන් කර ඇති අක්ෂර.

 ඇතැම් සංකේත html භාෂාව සඳහා වෙන් කර ඇත.ඒ නිසා ඒවා කේත ලිවීමේදී ඍජුවම ලියා භාවිතා කල නොහැක.උදාහරණයක් ලෙස කුඩා හා විශාල ලකුණු අතර යමක් ලියා දැක්විය යුතු යැයි සිතමු.එහෙත් එය කේත තුල ලියා වෙබ් අතිරික්සුව තුළින් බැලූ විට පෙනෙන්නේ නැත.මෙවැනි සංකේත පිටුවකට ඇතුළු කරීමට පහත වගුවේ අක්ෂර භාවිත කළ යුතුය.

<h1>&lt;eranda&gt</h1>




වෙබ් පිටුවේ තිරස් අතට රෙඛාවක් නිර්මාණය කිරීම.

<hr/>
<hr width=”50%” size=”4” color=”blue”>

මෙහිදී මුලිනම් යොදා ඇති <hr/>යන්න මඟින් වෙබ් අතිරික්සුවේ සම්පුර්ණ පළලම භාවිතා කරමින් රේඛාවක් අඳිනු ලැබේ.
ඉහත දෙවැනි කේතයේ ඇති width=”50%”යන attribute එක මඟින් යොදනු ලබන රේඛාවේ පළල තීරණය කරයි.එහිදී පිටුවේ පළලින් 50% ක් ලෙස සකසා  ඇත.  එහි size ලෙස දක්වා ඇත්තේ රේඛාවේ ඝනකමයි.

වෙබ් පිටුව තුල වීඩියෝ(video)ධාවනය කිරීම

<video width=”500” height=”400” controls>
<source src=”video.mp4” type=”video/mp4”>
</video>

වෙබ් පිටුව තුල ඕඩියෝ(audio) ධාවනය කිරීම
<audio controls>
<source src=”song.mp3” type=”audio/mpeg”>
</audio>
video සහ audio tag වල controls නමින් attribute එකක් දමන්නේ web browser  එක තුල video සහ audio පෙන්වන විට පරිශීලකයා හට පාලක බොත්තම් (control buttons)පෙන්වීමටයි.

html 4 වන කොටසින් හමු වෙමු..

Eranda Dhanushka

Related Posts:

  • තාක්ෂණවේදය සදහා විද්‍යාව-science for technology 01 lesson( part 2) ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වාභාවය( part 2) පළමු කොටසට මෙතනින් යන්න. බැක්ටීරියා-Bacteria දර්ශීය බැක්ටීරියාවකගේ ව්‍යුහය 1.   පිලයි 2.   ප්ලැස්මිඩ ප්‍රතිජීවක ආදියට ඔරොත්තු දීමේ හැකියාව ඇතිකිරී… Read More
  • DFX Audio Enhancer with Crack-පරිගණකයේ Sound Quality වැඩි කරමු.. DFX Audio Enhancer with Crack හැමෝම වගේ සිංදු අහනවා ඒ වගේම Film බලනවා.ඉතින් ඔය වැඩ දෙකම කර ගන්නේ අපේ දුප්පත් පරිගණකන්නේ..එත් ඉතින් පරිගණකයේ සබ්වුෆර් එකක් හරි හෝම්ටියර්ටර් එකක් වගේ Sounds Quality එකක් නැනේ..මේ ලිපියෙන් පැ… Read More
  • තාක්ෂණවේදය සදහා විද්‍යාව-science for technology 01 lesson ( part 1)        ක්ෂුද්‍ර ජිවින්ගේ ස්වාභාවය( part 1) ක්ෂුද්‍ර ජීවින් පියවි ඇසෙන් නිරීක්ෂණය නොකළ හැකි ජීවින් ක්ෂුද්‍ර ජීවින් වේ.  ක්ෂුද්‍ර ජීවින්ගේ දේහයේ තරම 0.1mm ට වඩා කුඩා වන අතර පියවි… Read More
  • ඉංජිනේරු තාක්ෂණවේදය(Engineering Technology) - 02 lesson සිව්පහර එන්ජිම සහ එහි ක්‍රියාකාරිත්වය(four stroke engines work) ඉංජිනේරු තාක්ෂණය පළමු පාඩමට මෙතනින් යන්න. සිව්පහර එන්ජිමේ ඉතිහාසය(history of the 4-stroke engine) සිව්පහර  එන්ජිම මුල් වරට නිපදවනු ලැබුවේ නිකලස… Read More
  • open world computer games මොනවද මේ open world computer games කියන්නේ? Open World පරිගණක ක්‍රිඩා යනු ක්‍රිඩකයාට නිදහසේ සැරිසැරීමට හැකි අතිවිශාල ක්‍රිඩා වපසරියක් සහිත ක්‍රිඩාවන්ය.  මෙහි ක්‍රිඩා වපසරිය බොහෝ විට සැබෑ පරිසරය මෙන්ම දිවා රෑ ඇ… Read More

0 comments:

Post a Comment

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...