Friday, July 10, 2015

නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද?


දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර්යයක් සඳහා තම සිත යොමුකරගෙන සිටින විට එය මනාලෙස මොළය මගින් නියමිත ස්ථානයේ තැන්පත් කරන බවයි. එම ප්‍රදේශය හයිපොකැම්පස් ලෙස හඳුන්වයි. ඒ කලාපය මොළයේ දත්ත සංවිධානාත්මක ලෙස වර්ග කර ගබඩාකර ගන්නා කලාපයයි. එමෙන් ම එ් කලාපය මතකය නැවත ස්මරණය කිරීමට ද උපකාරී වේ.
කෙසේ හෝ පාඩම් කරන අතරතුර වරින් වර ස්මාර්ට් ෆෝන් භාවිතය, පරිගණක ක්‍රියා කිරීම හා රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවල නිරතවන විට පාඩම් කටයුතු මොළයේ ගබඩා වන්නේ නියමිත ස්ථානයේ නොවේ. ඒවා ගබඩා වන්නේ මොළයේ සැලසුම් කිරීම සහ අභිප්‍රේරණය කිරීම යන ක්‍රියවාන්ට සම්බන්ධ ස්ථානයේ නොවන බැවින් ඒ තොරතුරු නැවත ස්මරණය කිරීම අපහසුය.
මෙලෙස එක් කාර්යයක නිරත නොවී විටින් විට වෙනස් වෙනස් වූ කාර්යයන් සඳහා සිය අවධානය යොමුකරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ මෙන් ඩොපමේන් නමැති හෝමෝනය නිකුත්වේ. මේ හේතුවෙන් එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයකුගේ සිතේ ඇතිවන අදහස් වලට සමාන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
මෙයින් සිදුවන්නේ පුද්ගලය දැනුම හා ඥාණාත්මකබවට හානි පැමිණීමයි. මේ සොයා ගැනීම තම දරුවන් පාඩම් කරන කාලයේ දී රූපවාහිනිය නරඹන දෙමාපියන්ට ඒ ගැන යළි යළිත් සිතා බැලීමට සුදුසු කාලය එළැඹ ඇතැයි ද පර්යේෂකයෝ කියති.
මුලාශ්‍රය-www.lankadeepa.lk

Related Posts:

  • html(hyper text markup language)-02 lesson html පළමු පාඩමට මෙතනින් යන්න. අකුරු subscript හා superscript කිරීම. Subscript-අකුරු කුඩා කර පහලින් පෙන්වයි. Ex:- <p>O<sub>2</sub></p> Superscript-අකුරු කුඩා කර ඉහලින් පෙන්වයි. Ex:- <p… Read More
  • Hide/Unhide Folders using command prompt කොමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් ෆෝල්ඩර් හන්ගන හැටි තමන්ට විතරක් හොයා හඳුනා පුළුවන් විදියට  Folders හංගන එක  හැමෝම කරන දෙයක්නේ.එත් ඒවාට ගොඩක් අය software තමයි පාවිච්චි කරන්නේ.අපි අද කියලා දෙන්න යන්නේ command prompt… Read More
  • GET ‬1.5 GB FREE DATA FROM MOBITEL අපි කවුරුත් අදුරන මොබිටෙල් ආයතනය තමයි මේ අවස්ථාව අපිට දෙන්නේ..1.5 GB ක් තමයි නොමිලයේ ලැබෙන්නේ, කරන්න තියෙන්නේ මොබිටෙල් facebook app එකට මෙතනින් ගිහින් යාලුවෝ 10 දෙනෙකුට invite කරන්න විතරයි.යාලුවෝ 10 දෙනෙකුට i… Read More
  • FREE flash drives | SD cards | headphones-නොමිලේ flash drives | SD cards | headphones ගෙන්නමු..මම අද අරගෙන අවේ අපිට සල්ලි වෙනුවට භාණ්ඩ ලබා දෙන site එකක් අරගෙන,මේ site එකේ වාසි කිහිපයක්ම තියෙනවා අනිත් අන්තර්ජාල මුදල් දෙන අඩවි වලට වඩා.. add click කරන්න නැ. කරන්න තියෙන්නේ site එකෙන් අහන ප්‍රශ්න වලට yes හරි no හරි දාන්… Read More
  • C++ පරිගණක භාෂාව සිංහලෙන් pdf එකක් ලෙසින් C++ පරිගණක භාෂාව සිංහලෙන් c++ පරිගණක භාෂාව පිළිබඳව ඔබ මීට පෙර අසා ඇති යැයි සිතනවා.ඉතින් මේ පරිගණක භාෂාව පිළිබඳව  ලියවුන pdf එකක් තමයි ලබා දෙන්න යන්නේ,පහතින් බාගත කරන්න.. … Read More

2 comments:

  1. නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද? ~ Techplus.Com >>>>> Download Now

    >>>>> Download Full

    නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද? ~ Techplus.Com >>>>> Download LINK

    >>>>> Download Now

    නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද? ~ Techplus.Com >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

අපේ බ්ලොගේ එක ගැන අදහස් හා යෝජනා comment කරන්න...