Tuesday, July 21, 2015

තොරතුරැ තාක්ෂණය( Information technology)-01 lesson

ප්‍රධාන වශයෙන් තොරතුරැ පද්ධති ආකෘති 4ක් පිළිබඳව හඳුනාගන්න පුලුවන්.
1. දියඇලි ආකෘතිය
2. සර්පිල ආකෘතිය
3. ඒකී - කෘත ආකෘතිය
4. ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය

 දියඇලි ආකෘතිය (WATERFALL MODEL) 
තොරතුරැ පද්ධතියක් තුළ තියෙන සංවර්ධන පියවරයන් රේඛීය සරල ක්‍රමයට ඉදිරිපත් කරන අවස්ථාවක් විදිහට මේ දියඇලි ආකෘතිය හඳුන්වන්න පුලුවන්. මෙම ආකෘතිය මුළින්ම ඉදිරිපත් කළේ W.W. Royce නම් තැනැත්තෙක්. ඒ 1970 වර්ෂයෙදී පමණ.

දියඇලි ආකෘතියෙ මූලික පියවර
1. පද්ධති අර්ථ දැක්වීම (System Definition)
2. පද්ධති විශ්ලේෂණය (System Analyzing)
3. පද්ධති පිරිසැලසුම (System Design)
4. පද්ධති සංවර්ධනය (System Development)
5. පද්ධති පරික්ෂාව (System Testing)
6. පද්ධති ක්‍රියාවට නැංවීම (System Implementation)
7. පද්ධති නඩත්තුව (System Maintenance)

මේ දියඇලි ආකෘතියට අනුව ගත්විට මෙහි එක් පියවරක වලංගුබව, එහෙමත් නැත්නම් සකසනය අනුව තමයි ඉදිරි පියවර කරා යොමුවෙන්න පුලුවන්වෙන්නෙ. හදිසියෙවත් එහෙම වුණේ නෑ කියල හිතමු. එතකොට මොකද වෙන්නෙ? එතකොට ඒ මතුවන පියවර පුණර්කරණය වීමක් සිදුවෙනවා. මේ දියඇලි ආකෘතියට අනුව බැලුවම තොරතුරැ පද්ධති සංවර්ධනය කියල කියන්නෙ නොනවතින ක්‍රියාවලියක්. ඒක ඉතින් ගොඩක්ම සුදුසුවන්නෙ අපේ දෛනික ජීවිත අවශ්‍යතාවලදී පුලුල් විදියට භාවිතාවන ව්‍යාපෘතිවලට.
උදා -:   මෙහෙයුම් පද්ධතියක් අනුවාද කිහිපයක් විදිහට එළිදකින්නෙ දියඇලි ආකෘතියට අනුවයි.

දියඇලි ආකෘතියෙ අවාසි 

1.  අපි ජීවත්වන මේ ලෝකයෙ තොරතුරැ පද්ධතියක් ක්‍රියාත්මකවෙද්දි හැමතිස්සෙම එක රේඛීය පියවරයන් ඔස්සෙ සිදුවෙන්නෙ නෑ. අන්න එතකොට ඉතින් මේ ආකෘතිය භාවිතාකරන්න බැරැව යනවා.

2.  ගොඩක් ව්‍යාපෘති ආරම්භ කරද්දි සේවාදායකාට ඔහුගෙ සියලු ඕනෑ එපාකම් ව්‍යාපෘති කණ්ඩායමට කියන්න බැරැව යනවා. ඒ වගේම තමයි සේවාදායකයාගෙ ඕනෑ එපාකම් මොනවද කියල ව්‍යාපෘති කණ්ඩායමටත් හොයාගන්න බැරැව යනවා.

3.  අවසන් නිමැවුම ලබාගන්න ගතවන කාලය අවිනිශ්චිතවෙනවා. ඒ වගේම සේවාදායකයාටත් නිමැවුම දැකගන්න පුලුවන්වෙන්නෙ අන්තිම අදියරේදී. ඒ නිසා ඒක සේවාදායකයා බලාපොරොත්තු  නොවූ විදියෙ එකක් වෙන්න පුලුවන්.

4.  මේ දියඇලි ආකෘතිය ඉදිරියට අරන්යන්න පුලුවන් වෙන්නෙ පියවරෙන් පියවර (step by step) ගිහිල්ලා. ඒ වගේම තමයි ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න ඕන නම් ඒ එක් පියවරක් සම්පූර්ණයෙන්ම අවසන් කරන්න ඕන. මෙන්න මේ වගේ දේවල් හින්දා ව්‍යාපෘති කණ්ඩායමේ ඉන්න එක් එක් පියවරවල් සකස්කරන සාමාජිකයන්ට නිකරැණේ බලාඉන්න සිද්දවෙනවා.

සර්පිලාකාර සර්පිල ආකෘතිය(Spiral Model)

  1.  සර්පිලාකාර ආකෘතිය නිර්මාණයවෙලා තියෙන්නෙ රේඛීය ආකෘතියයි මූලාකෘතිආකෘතියයි එකට එකතුවෙලා තනි ආකෘතියක් විදිහට
  2.  මේ සර්පිල ආකෘතිය ලෝකයට හඳුන්වාදුන්නෙ Bohem කියන තැනැත්තෙක්. ඒ 1988 දී  පමණ.
  3.  මේ ආකෘතියට අනුව මෘදුකාංග වෙලුම් ඔස්සෙ ඉතාමත් වේගවත්ව වැඩි දියුණු කරන්න පුලුවන්.
  4.  සර්පිල ආකෘතියක් ක්‍රියාකාරි රාමු කිහිපයකට බෙදලා තියෙනවා. (3 – 6 දක්වා)

අවධානය යොමුකළ යුතු කරැණු

·      මේ ආකෘතිය යටතෙදී සේවාදායකයා සහ නිමැවුම සංවර්ධනය කරන තැනැත්තා අතර හොඳඵලදායී සම්බන්ධයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය අවබෝධ කරගන්නඕන.
·      සම්පත් අර්ථ දැක්වීම, කාල සීමාවන් තීරණය කිරීම, ව්‍යාපෘතියට අදාළ තොරතුරැ තීරණය කිරීම වගේ දේවල්වලට අවශ්‍ය කාර්යයන් සැලසුම් කරන්න ඕන.
·      අවදානම් විශ්ලේෂණ කාර්යයන් වැනි දේ තක්සේරැ කිරීමෙදී තාක්ෂණික හා කළමණාකරණ අවදානම යන මේ අවදානම් 2ම ගැන සැලකිල්ලට ගන්න ඕන.
·      යෙදවුම් නියෝජන 1ක් හෝ ඊට වැඩි ගණනක් නියෝජනය කරන්න ඉංජිනේරැකාර්යයන් අවශ්‍යවෙනවා.
·      ගොඩනැගීම, නිදහස්කිරීම වගෙ කාර්යයන් සඳහා ගොඩනැගීම, පරීක්ෂාකිරීම, පිහිටුවීම සහ පරිශීලක උපක්‍රම සැපයීම අවශ්‍යවෙනවා.

ඒකී - කෘත සංවර්ධන ආකෘතිය(Unified Development Model) 

             ඒකී - කෘත සංවර්ධන ක්‍රියාවලිය පුනර්කරණයවන වැඩි දියුණු සංවර්ධන ක්‍රියාවලියකි (Iterative and incremental development). විස්තාරණය (Elaboration), ගොඩනැගීම (Construction) සහ මාරැව (Transition phases) කියන අදියරයන් කාල පරාසයන්ට බෙදාගනිමින් මේ පුණර්කරණය සිදුවේ. (විශාල ව්‍යාපෘතියක ආරම්භක අවධිය පවා පුණර්කරණයන්වලට බෙදී යන්න පුලුවන්.) හැම පුණර්කරණ ප්‍රතිඵලයක්ම කළින් මුදාහරින ලද පද්ධතියෙ අන්තර්ගත ක්‍රියාකාරකම්වල වැඩි දියුණුවක් සහිත පද්ධතියක් ලෙස එලි දකී. ඇත්තටම ගොඩක් පුණර්කරණයන් තුළ අවශ්‍යතා, සැලසුම්, ක්‍රියාවට නැංවීම්, පරීක්ෂාකිරීම් වගෙ අවධි ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට කොච්චර අවධි ක්‍රියාත්මක වුණත් මොකද ඒ  එකිනෙකට සම්බන්ධ පරිශ්‍රමයන් තමයි ව්‍යාපෘතියක තත්වය ගොඩක් දුරට වැඩි දියුණු කරලා වෙනස් කරන්නෙ.

ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය (Rapid Applications Development MODEL



ශීඝ්‍ර යෙදවුම් සංවර්ධන ආකෘතිය කියල කියන්නෙ ඉතාමත් කෙටි සංවර්ධන චක්‍රයක් සහිත රේඛීය මෘදුකාංග සංවර්ධන ක්‍රියා පිළිවෙලක් සහිත ආකෘතියකට. ඉතින් මේ ආකෘතියට මූලික වශයෙන් අයත්වන යෙදවුම් පද්ධති කිහිපයක් තියෙනවා. ඒ තමයි,
1.   ව්‍යාපාරික
2.   දත්ත
3.   ක්‍රියාවලි
4.   යෙදවුම්
5.   පරීක්ෂා කිරීම්


Eranda dhanushka

Friday, July 10, 2015

නිවැරදිව පාඩම් කරන්නේ කොහොමද?


දරුවන් පාඩම්කරන විට රූපවාහිනිය නැරඹීම හෝ වෙනත් කාර්යයක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම ධාරණ ශක්තිය හීන වීමට ප්‍රබල සාධකයක් බව කෝපන්හේගන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.
ඔවුන් පෙන්වා දෙන්නේ එක් වරකට එක් කාර්යයක් සඳහා තම සිත යොමුකරගෙන සිටින විට එය මනාලෙස මොළය මගින් නියමිත ස්ථානයේ තැන්පත් කරන බවයි. එම ප්‍රදේශය හයිපොකැම්පස් ලෙස හඳුන්වයි. ඒ කලාපය මොළයේ දත්ත සංවිධානාත්මක ලෙස වර්ග කර ගබඩාකර ගන්නා කලාපයයි. එමෙන් ම එ් කලාපය මතකය නැවත ස්මරණය කිරීමට ද උපකාරී වේ.
කෙසේ හෝ පාඩම් කරන අතරතුර වරින් වර ස්මාර්ට් ෆෝන් භාවිතය, පරිගණක ක්‍රියා කිරීම හා රූපවාහිනිය නැරඹීම වැනි වෙනත් කටයුතුවල නිරතවන විට පාඩම් කටයුතු මොළයේ ගබඩා වන්නේ නියමිත ස්ථානයේ නොවේ. ඒවා ගබඩා වන්නේ මොළයේ සැලසුම් කිරීම සහ අභිප්‍රේරණය කිරීම යන ක්‍රියවාන්ට සම්බන්ධ ස්ථානයේ නොවන බැවින් ඒ තොරතුරු නැවත ස්මරණය කිරීම අපහසුය.
මෙලෙස එක් කාර්යයක නිරත නොවී විටින් විට වෙනස් වෙනස් වූ කාර්යයන් සඳහා සිය අවධානය යොමුකරන අවස්ථාවේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ මෙන් ඩොපමේන් නමැති හෝමෝනය නිකුත්වේ. මේ හේතුවෙන් එම පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයකුගේ සිතේ ඇතිවන අදහස් වලට සමාන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
මෙයින් සිදුවන්නේ පුද්ගලය දැනුම හා ඥාණාත්මකබවට හානි පැමිණීමයි. මේ සොයා ගැනීම තම දරුවන් පාඩම් කරන කාලයේ දී රූපවාහිනිය නරඹන දෙමාපියන්ට ඒ ගැන යළි යළිත් සිතා බැලීමට සුදුසු කාලය එළැඹ ඇතැයි ද පර්යේෂකයෝ කියති.
මුලාශ්‍රය-www.lankadeepa.lk

Saturday, July 4, 2015

ඉංජිනේරු තාක්ෂණවේදය(Engineering Technology) - 03 lesson

දෙපහර එන්ජිම(two stroke engine)


ර්ෂ 1878 දී ඩුගල්ඩ් ක්ලාක්(Dugald Clerk) විසින් නිර්මාණය කරන ලද විශේෂ දහන සිලින්ඩරයක් සහිත එන්ජිම, දෙපහර එන්ජිමෙහි සොයා ගැනීමට මුල් වූ බව කිව හැකියි.

දෙපහර එන්ජිම යනු..?
             සිව්පහර එන්ජිමක එක් ක්‍රියාකාරී චක්‍රයක් සදහා දඟර කඳ වට දෙකක් සම්පූර්ණ කල යුතු අතර දෙපහර එන්ජිමේදී මෙයට අවශ්‍ය වන්නේ අංශක 360 ක භ්‍රමණයකි.එනම් දඟර කඳ එක් වටයක් කරකැවීම පමණි.TDC සිට BDC දක්වා ගමන් කිරීම උඩුපහර ලෙසද  BDC සිට TDC දක්වා ගමන් කිරීම යටිපහර ලෙසද හැදින්වේ.
         මෙම පහරවල් දෙක තුළ දී බාහිර වාතය එන්ජිම තුළට චුෂණය කිරීම,ඒවා සම්පීඩනය කිරීම,දහනය හා දහනය වූ වාතය එන්ජිමෙන් පිට කිරීම යන ක්‍රියාවලි හතරම සිදු වේ.මෙසේ එක් ක්‍රියාකාරී චක්‍රයක් සම්පුර්ණ කිරීමට අවශ්‍ය වන්නේ පහරවල් දෙකක් බැවින්,මෙවැනි එන්ජිම් දෙපහර එන්ජිම් ලෙස හැදින්වේ. 





    "දෙපහර අන්තර් දහන එන්ජිම සිව්පහර එන්ජිමෙන් වෙනස් වන්නේ, මෙහි, චූෂණය(intake), සම්පීඩනය(compression), දහනය(combustion) සහ පිටාරය(exhaust) යන ක්‍රියාවලීන් හතර පිස්ටන පහර දෙකක් තුලදී සම්පූර්ණ කිරීමයි. සිව්පහර එන්ජිමක මේ සඳහා පිස්ටන පහර හතරක් අවශ්‍ය වේ.දෙපහර එන්ජිමක සිදුවන්නේ, සම්පීඩන පහරේ ආරම්භයේදී සහ දහන පහර අවසානයේදී චූෂණය සහ පිටාරය යන ක්‍රියාවලීන් සිදුකිරීමයි. මේ නිසා සිව්පහර එන්ජිමක  මෙන් ක්‍රෑන්කයේ(crank) සෑම චක්‍රයකදීම තවත් අමතර චක්‍රයක් ඇති නොවී ඒ වෙනුවට බල පහරක්(power stroke) ඇතිවේ. මේ නිසා දෙපහර එන්ජිම මගින් වැඩි බලයක්(high specific power) සපයන අතර එය තැන තැන ගෙනයාහැකි දම්වැල් කියත වැනි උපකරණ සඳහා මෙන්ම දුම්රිය එන්ජිම වැනි මහා පරිමාණ කාර්මික යෙදවුම් සඳහාද යෝග්‍ය වේ."

යටි පහර
         යටි පහර සිදු වන කාල පරාසයෙහි පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරන අතර චුෂණ ක්‍රියාවලිය හා පිටාර ක්‍රියාවලිය යන දෙකම සිදු වේ.මෙහිදී පළමුව පිටාර කපාටය විවෘත වන අතර ඒ හරහා දහනය වූ වාතය පිටතට ගලා යයි.ඉන් පසු පිස්ටනය ක්‍රමයෙන් පහළට යත් ම චුෂණ කවුළුව විවෘත වී,ඒ හරහා බාහිර වාතය එන්ජිම තුළට ගලා එයි.

         මෙහිදී දහන කුටීරයේ ඉතිරිව ඇති දැවුණු වායුව තල්ලු කර හැරීමට හා වැඩි වාත ප්‍රමාණයක් ලබා ගැනීමටත් චුෂණ කවුළුවට සම්බන්ධ කරන ලද පුඹුවක් නොහොත් ධමකයක්(blower) යොදා ගනු ලැබේ.

උඩු පහර
         උඩු පහර සිදු වන කාල පරාසයෙහි පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරන අතර සම්පින්ඩන ක්‍රියාවලිය හා ඉන්ධන දහන ක්‍රියාවලිය යන ක්‍රියාවලි දෙකම සිදු වේ.මෙම කාල පරාසයෙහි කපාට  හා කවුළු වැසී පවතී.උඩු පහරේ මුල් කොටසේ දී එන්ජිම තුළ ඇති වායු මිශ්‍රණය සම්පිදනයට ලක් වේ.පිස්ටනය TDC කරා ලං වත්ම දහන ක්‍රියාව ආරම්භ වේ.

සිව් පහර එන්ජිමක් හා ගත් කල දෙපහර එන්ජිමක ඇති වාසි අවාසි
  වාසි
1.එකම ප්‍රමාණයේ ජවයක් නිපදවන දෙපහර එන්ජිමක් සිව්පහර එන්ජිමකට වඩා ප්‍රමාණයෙන් හා බරින් අඩු වේ.
2.බොහෝ විට දෙපහර එන්ජිම් වල කපාට බාවිතා නොවන නිසා  ඒවායේ සැකැස්ම ඉතා සරල වේ.
3.දෙපහර එන්ජිමක දගර කඳ භ්‍රමණය වන වටයකට වරක්ම බල පහරක් මගින් ජවය නිපදවන බැවින් එන්ජිම මගින් ව්යාවර්ථයේ(කරකුම් බලයේ) උච්චාවචනයන් අවම වේ.

   අවාසි 
1.දෙපහර එන්ජිමක සැකැස්ම හේතුවෙන් දහනය වී ඉතුරු වූ වායුව සම්පුර්ණයෙන්ම එන්ජිමෙන් ඉවතට තල්ලු කර හැරීමට නොහැකි වේ.මේ නිසා නැවත චුෂණය කර ගත හැකි ඉන්ධන-වායු මිශ්‍රණයේ පරිමාව සීමා වීම නිසා උපරිම ජවය නිපදවිය නොහැක.
2.බොහෝ දෙපහර එන්ජිම් වල ස්නේහන පද්ධතියක් නොමැති අතර ස්නේහනයට අවශ්‍ය තෙල් ඉන්ධන සමග මිශ්‍ර කර එන්ජිමට සපයයි.මෙම ක්‍රමය කාර්යක්ෂම නොවන අතර ඉන්ධන සමග ලිහිසි තෙල් දහනය වන නිසා විශ සහිත සංඝටක පරිසරයට එක් විය හැක. 



 like us on facebook



Post-Eranda Dhanushka